ගම නම් සුන්දරලු
නගරය අවලස්සනලු
මේ ගෙන්දගම්
පොළොවක්ලු
කවියන් එහෙම කීවත්
මහ පොළොවෙන්
කොටසක් අරන් බැලුවා මම
ඊර්ශ්‍යවේ,තණ්හාවේ,මානයේ
ප්‍රතිශතය ගෙන්දගම්
වලට වඩා වැඩි බව
ඔප්පු වුනා මට
ගම නම් සුන්දරලු
නගරය අවලස්සනලු
මට නම් ලස්සන නගරයමයි
නෙළුම් විලට
තරු කැට,හඳ වගේම
බේරෙ වැවට
නියොන් එළියයි වීදි ලාම්පු එළියයි වැටුනම
මට නම් හරි සුන්දරයි.
~2007/05/17~
Advertisement