චිත්‍රපටියක්
බැලුවා මම
පරන
එක් එක් අය
පෙන්වමින්
කොහොම හිටි අයද?
දැන් කොහොම ඉන්නා අයද?
කියමින්
බොහෝ අය දැන්
මිය ගිහින්
ළමා චරිත රඟපෑ අය
ලොකු වෙලා දැන්
හදනවා චිත්‍රපටි
ඒ අයගෙම.
පුළුන් නොදැමූ නිසා
පරන රූප බොඳ වෙලා
ප්‍රධාන නිළිය අපෙ අම්මා…
ප්‍රධාන නළුවා අපේ තාත්තා…
කැමරාව කැඩිලා
චැහ්!
තව ටික කලක්
තිබුනා නම්
චිත්‍රපටියේ
මමත් රඟපානවා….
Advertisement
එක එක පැත්තට කරකවන්න පුළුවන් නිර්මාණයක්.
ස්තුතියි!!! ඒත් මොන මොන වගේ පැති වලටද???